01

E   |     |  

 දිනය: 2014-04-10   පිළිතුර ලබා දී ඇත 

3333/2014: ස්ත්‍රී දූෂණ : විස්තර

3333/’12

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2012 වර්ෂය තුළ වාර්තා වී ඇති සමස්ත ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව ‍කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)       2008 වර්ෂයේදී දිස්ත්‍රික්ක මට්ටමින් සහ 2009 -  2011 කාල සීමාව තුළ වාර්ෂිකව සිදුවී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)    වර්ෂ 2008 – 2012 කාල සීමාව තුළ  සිදුවී ඇති වයස අවුරුදු 18න් පහළ ස්ත්‍රී දූෂණ  සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  ඉහත කාල සීමාව තුළ වයස අවුරුදු 19-20, 30-39, 40-49, 50-59 සහ 60ට   වැඩි  යන එක් එක් වයස් කාණ්ඩ යටතේ වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  ඉහත සඳහන් ස්ත්‍රී දූෂණ සිදුවීම්වලට අදාළව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-10

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)                    2,150කි.

                         2008 වර්ෂයේදී  දිස්ත්‍රික්ක  මට්ටමින්.

(ආ)         (i)     

අංකය

දිස්ත්‍රික්කය

වර්ෂය/ 2008

01.

කොළඹ

42

02.

ගම්පහ

84

03.

කළුතර

78

04.

මහනුවර

53

05.

මාතලේ

41

06.

නුවරඑළිය

28

07.

ගාල්ල

82

08.

මාතර

31

09.

හම්බන්තොට

57

10.

යාපනය

24

11.

වවුනියාව

17

12.

මඩකලපුව

28

13.

*කිලිනොච්චිය

-

14.

අම්පාර

37

15.

ත්‍රිකුණාමලය

23

16.

කුරුණෑගල

83

17.

පුත්තලම

100

18.

අනුරාධපුරය

84

19.

පොළොන්නරුව

39

20.

බදුල්ල

47

21.

මොණරාගල

55

22.

රත්නපුර

83

23.

කෑගල්ල

63

24.

මන්නාරම

15

25.

*මුලතිව්

-

 

එකතුව

1194

*මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වාර්තා වී නැත.

2009 - 2011 කාල සීමාව තුළ වාර්ෂිකව සිදු වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව  

වර්ෂය

ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව

2009

1,178

2010

1,293

2011

1,846

එකතුව

4,317

(ii)

වර්ෂය

අවුරුදු 18න් පහළ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව

2008

914

2009

922

2010

1,089

2011

1,462

2012

1,808

එකතුව

6,195

 

(iii)   නැත.

        ඉල්ලා ඇති වර්ෂ සඳහා එක් එක් වයස් කාණ්ඩ අනුව ස්ත්‍රී දූෂණ වර්ග කර නොමැති බැවින් එසේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව නොමැත. 2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට එක් එක් වයස් කාණ්ඩ අනුව පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.

(ඇ)     අදාළ නොවේ.

(ඈ)     පැන නොනඟී.

 

 

 

 

පිළිතුරු දුන් දිනය

2014-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks