පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3299/’12
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකනු ලබන අවම වයස් සීමාව කවරේද;
(ii) රජයේ ප්‍රමාදයන් නිසා, උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප්‍රමාදවන අවස්ථාවන්වලදී ඉහත සීමාව ඒ ආකාරයෙන්ම බලපානු ලබන්නේද;
(iii) ආසන්න අවසාන අවස්ථාවේදී පත්වීම් ලබාදුන් උපාධිධාරීන් සේවයේ යොදවා ඇති තනතුරු, තනතුරු නාම හා ස්ථාන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-07
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා
(மாண்புமிகு விஜய தஹநாயக்க)
(The Hon. Wijaya Dahanayake)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) උපාධිය මූලික සුදුසුකම් වශයෙන් බඳවා ගනු ලබන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලන කටයුතු වන පහත සේවාවන් සඳහා සලකා බලනු ලබන අවම වයස් සීමා පහත පරිදි වේ.
1. ශ්‍රී ලංකා පරිපාලන සේවය - අවම වයස් සීමාවක් නොමැත
2. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය - අවුරුදු 21
3. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - අවුරුදු 22
4. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය - අවුරුදු 18
5. සංවර්ධන නිලධාරි සේවය - අවුරුදු 21
6. රජයේ භාෂා පරිවර්තක සේවය - අවුරුදු 21
(ii) රජයේ ප්‍රමාදයක් වන අවස්ථාවකදී වුවද බඳවා ගනු ලබන අවම වයස් සීමාව වෙනසක් නොකෙරේ.
(iii) ආසන්න අවසාන අවස්ථාවේදී පත්වීම් ලබා දුන් උපාධිධාරින් සේවයේ යොදවා ඇති තනතුරු, තනතුරු නාම හා ස්ථාන :
|
සේවය |
තනතුර/තනතුරු |
තනතුරු නාම |
අනුයුක්ත කරන ලද සේවා ස්ථාන |
|
ශ්‍රී ලංකා පරිපාලන සේවය |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III පන්තිය |
ආධුනික නිලධාරි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා පත් කිරීමෙන් පසුව විවිධ තනතුරු නාම භාවිත කරයි. උදා : සහකාර කොමසාරිස්, සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ |
සේවාරම්භක පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට අනුයුක්ත කර ඇත. පසුව ඔවුන් විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා පත් කරනු ලැබේ. |
|
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය |
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III පන්තිය |
ඉංජිනේරු |
දිවයින පුරා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අනුමත තනතුරු සඳහා අනුයුක්ත කර ඇත. |
|
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය |
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ II පන්තියේ II ශ්‍රේණිය |
බඳවා ගැනීම් පරිපාටිය අනුව තනතුරු නාම වෙනස් වේ. (ඇමුණුම*) |
දිවයින පුරා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල අනුමත තනතුරු සඳහා අනුයුක්ත කර ඇත. |
|
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ II පන්තියේ II ශ්‍රේණිය |
වාස්තු විද්‍යාඥ |
දිවයින පුරා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල අනුමත තනතුරු සඳහා අනුයුක්ත කර ඇත. |
|
සංවර්ධන නිලධාරි සේවය |
සංවර්ධන නිලධාරි සේවය III පන්තිය |
සංවර්ධන නිලධාරි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා විවිධ තනතුරු නාම භාවිත කරයි. උදා : 1.මානව සම්පත් නිලධාරි 2.තොරතුරු තාක්ෂණ නිලධාරි 3.විමර්ශන නිලධාරි |
උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවා ගෙන සංවර්ධන නිලධාරි සේවයේ පත්වීම් ලත් නිලධරයන් දිවයින පුරා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇත. |
|
රජයේ භාෂා පරිවර්තක සේවය |
රජයේ භාෂා පරිවර්තක සේවයේ I පන්තිය |
භාෂා පරිවර්තක |
දිවයින පුරා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අනුමත තනතුරු සඳහා අනුයුක්ත කර ඇත. |
(ආ) පැන නොනඟී.
* ඇමුණුම
|
|
දෙපාර්තමේන්තුව |
තනතුර |
සංඛ්‍යාව |
දිනය |
|
01. |
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව |
කාලගුණ විද්‍යාඥ |
03 |
2012.02.03 |
|
02. |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
සහකාර අධ්‍යක්ෂ |
08 |
2012.04.03 |
|
|
|
පර්යේෂණ නිලධාරි |
04 |
2011.11.03 |
|
|
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව |
ඖෂධ විශ්ලේෂක |
02 |
2011.01.20 |
|
|
|
ජීව රසඥ |
02 |
2011.04.12 |
|
|
|
කීට විද්‍යාඥ |
02 |
2011.09.15 |
|
|
|
භෞතික විද්‍යාඥ |
17 |
2011.01.24 |
|
|
|
පර්යේෂණ නිලධාරි |
10 |
2012.04.23 |
|
04. |
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව |
සහකාර රස පරීක්ෂක |
26 |
2012.12.03 |
|
05. |
වන සංරක්ෂක දෙපාර්තමේන්තුව |
සහකාර වන සංරක්ෂක |
05 |
2011.10.17 |
|
06. |
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව |
සහකාර අධ්‍යක්ෂ |
02 |
2011.10.17 |
|
07. |
දුම්රිය දෙපාර්තමේන්තුව |
රසඥ හා ලෝහ විද්‍යාඥ |
01 |
2011.10.17 |
පිළිතුරු දුන් දිනය
2013-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks