01

E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3266/2013: හෝමාගම, පාදුක්ක සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස : ග්‍රාම නිලධාරි

3266/’12

ගරු රෝසි සේනානායක මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       හෝමාගම, පාදුක්ක සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සමහර ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීන් සේවයේ යොදවා නොමැතිවීම නිසා ඒ ඒ ප්‍රදේශයන්හි ගම්වාසීහු දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)   ඉහත සඳහන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

  (i)  දැනට සේවය කරනු ලබන ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

  (ii)  පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරී වසම්  සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම ග්‍රාම නිලධාරී වසම්වල නම් කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       දිවයින පුරා ග්‍රාම නිලධාරි පුරප්පාඩු පවතින වසම් සඳහා වැඩ බැලීමට ග්‍රාම නිලධාරින් පත් කර ඇති අතර, මේ වන විටත් 2012.10.05 දිනැති ගැසට් නිවේදනය අනුව ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා අයදුම් පත් කැඳවා 2013.05.04 දින විවෘත තරග විභාගයක් පවත්වා ඇත.           එම තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලද පසු සුදුසුකම් ලබන අපේක්ෂකයන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව බඳවා ගැනීමට කටයුතු කෙරේ.

(ආ) (i)

(see table 1 in attached file)

(ii)

(see table 2 in attached file)

(iii)

(see table 3 in attached file)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks