පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3255/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාත්‍යන්තර නැව් මාර්ගයට මුහුණලා ඉදිකර ඇති ගාල්ල, රූමස්සල ජපන් සාම චෛත්‍යය ආසන්නයේ ස්වර්ණභූමි ඔප්පු යටතේ ලබා දී ඇති ඉඩම් ව්‍යාපාරිකයන් විසින් මිලදී ගෙන ඒවායේ නිවාස සාදන මුවාවෙන් හෝටල් සංකීර්ණ සඳහා මහල් ගොඩනැගිලි සාදන බවත්;
(ii) ඥාති සම්බන්ධතා නොමැති අයෙකුට විකිණීමට හෝ පැවරීමට නොහැකි ස්වර්ණභූමි ඔප්පු සහිත එම ඉඩම් ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ඉඩම් විකිණීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන්නේද;
(ii) සාම චෛත්‍යයේ පැවැත්මට දැඩි බලපෑම් ඇතිවන පරිදි කරනු ලබන ඉහත සඳහන් ඉඩම්වල හෝටල් ඉදිකිරීම නවතා දැමීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගාල්ල, රූමස්සල සාම චෛත්‍යය අසල "ජය භූමි" දීමනා පත්‍රයක් පැවරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පවත්වා ඇති බව හබරාදූව ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර තිබේ.
(ii) ස්වර්ණ භූමි හෝ ජය භූමි ඉඩම් ඥාති සම්බන්ධතාවක් නොමැතිව වුවද ගොවි පන්තියේ අයට පැවරිය හැක. එහෙත් ව්‍යාපාරිකයන්ට පැවරිය නොහැක. ව්‍යාපාරිකයන්ට ඉඩම් පැවරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරින්ගේ මැදිහත් වීමක් නොමැත.
(ආ) (i) දිස්ත්‍රික් ලේකම් විසින් පරීක්ෂණයක් කර ඇති බැවින් නැවත පරීක්ෂණයක් කිරීමට අදහස් කරන්නේ නැත.
(ii) කලින් එම ස්ථානයේ ඉදි කිරීමට යෝජිතව තිබූ වාණිජ ගොඩනැඟිලි සැලැස්ම දිස්ත්‍රික් ලේකම්වරයාගේ දැනුම් දීමට අනුව ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. පසුව නව සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳව හබරාදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සාම චෛත්‍යයේ විහාරාධිපති හිමිපාණන්, දායක සභාවේ නියෝජිතයන් සහ ඉල්ලුම්කරුද කැඳවා සාකච්ඡා කර තිබෙන අතර විහාරාධිපති හිමියන්ගේ එකඟත්වය මත කොන්දේසි සහිතව අනුමැතිය දී ඇත.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks