01

E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

3250/2014: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙහෙයුම් කටයුතු: ලාභ /අලාභ

3250/’12

 

ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට අදාළව,

              (i)       2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

              (ii)       2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(v) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

(vi) එම ආයතනය සේවකයෙකු වෙනුවෙන් දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2012 වර්ෂයේ අලාභය රුපියල් මිලියන 119

                         2013 වර්ෂයේ ලාභය රුපියල් මිලියන 107

              (ii)       2015 වර්ෂයේ අපේක්ෂිත ලාභය රුපියල් මිලියන 175

                         2016 වර්ෂයේ අපේක්ෂිත ලාභය රුපියල් මිලියන 200  

             (iii)      රුපියල් මිලියන 1,347යි.

             (iv)       1,553කි.

     (v) සේවකයන් 20 දෙනෙකුගේ හිඟයක් ඇත.

   (vi) එක් සේවකයකු සඳහා දළ වාර්ෂික වියදම රුපියල් 6,98,000කි.

          වාර්ෂික ලාභය සේවක සංඛ්‍යාවෙන් බෙදූ විට එක් සේවකයකු උපයන ලාභය රුපියල් 69,999‍කි.

   (vii) කිසිදු ණයක් ලබා ගෙන නොමැත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks