01

E   |     |  

 දිනය: 2014-06-20   පිළිතුර ලබා දී ඇත 

3241/2014: නාගරික සංවර්ධන අධිකාරිය : ලාභය/අලාභය

3241/’12

 

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      නාගරික සංවර්ධන අධිකාරියට අදාළව;                 

              (i)       2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

             (ii)       2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

  (iii)  අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

  (iv)  එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද; 

  (v)  එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

  (vi)  එම ආයතනය සේවකයෙකු වෙනුවෙන් දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

  (vii)  කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

  යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බදු අඩු කළ පසු ලාභය රුපියල් මිලියන එක්දහස් පනස්එකයි. (රුපියල් මිලියන 1,051)

              (ii)      2015 - බදු අඩු කළ පසු ලාභය රුපියල් මිලියන එක්දහස් පන්සියතිස්අටයි. (රුපියල් මිලියන 1,538)

                        2016 - බදු අඩු කළ පසු ලාභය රුපියල් මිලියන එක්දහස් හත්සියනවයයි. (රුපියල් මිලියන 1,709)

            (iii)      ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් මිලියන සියයයි.

සංචිත ප්‍රමාණය රුපියල් මිලියන අසූදහස් නවසියදහහතයි.

(iv) පුද්ගලයින් 1,565යි. (එක්දහස් පන්සියහැටපහයි)

(v) නැත.

(vi) 2013 වර්ෂය සඳහා සේවකයකුට දරන ලද වියදම රුපියල් 547,590.00යි. (රුපියල් පන්ලක්ෂ හතළිස්හත්දහස්  පන්සියඅනූවයි)

සේවකයකුගෙන් ලබන ලාභය රුපියල් 549,713.00යි. (රුපියල් පන්ලක්ෂ හතළිස්නවදහස් හත්සියදහතුනයි)

(vii) රුපියල් මිලියන විසිදෙදහස් හයසියඅසූවයි. (රුපියල් මිලියන 22,680.00)

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks