01

E   |     |  

 දිනය: 2014-04-09   පිළිතුර ලබා දී ඇත 

3232/2014: ශ්‍රී ලංකා වරාය අධිකාරිය : ප්‍රාග්ධනය සහ සංචිත

3232/’12

 

ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)    ශ්‍රී ලංකා වරාය අධිකාරියට අදාළව,    

              (i)       අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

             (ii)       එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(iii) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

(iv) එම ආයතනය සේවකයෙකු වෙනුවෙන් දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2013.12.31 දිනට ප්‍රාග්ධන සංචිත රුපියල් මිලියන 8,303.42ක් වන අතර, සාමාන්‍ය සංචිත රුපියල් මිලියන 71,297.12ක් වේ.

              (ii)      2013.12.31 දිනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සංඛ්‍යාව 9,792කි. දැනට පුරප්පාඩු 198ක් පවතී.

             (iii)      ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 9,990ක් වන අතර, එය ඉදිරි සේවා අවශ්‍යතාවන් මත පදනම්ව සකස් කර ඇත. මේ අනුව එක් එක් අවස්ථාවලදී මතු වන සේවා අවශ්‍යතාවන් අනුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ඇත.

(iv) 2013 වර්ෂයේ සේවකයෙකු වෙනුවෙන් දරන ලද වියදම රුපියල් 1,367,022.94ක් වන අතර, සේවකයෙකුගෙන් ලබන ලාභය රුපියල් 816,751.79ක් වේ.

* සේවකයෙකුගෙන් ලබන ලාභය ගණනය කිරීමේදී විදේශ විනිමය විචල්‍යතාවට පෙර මෙහෙයුම් ලාභය සැලකිල්ලට ගෙන ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks