01

E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

3228/2014: ශ්‍රීලන්කන් ගුවන් සේවය : ලාභ අලාභ

3228 /’12

 

ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අදාළව,    

              (i)       2013 - 2014 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

             (ii)       එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(iii) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

(iv) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

(v) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 25.7කි.

              (ii)       6,523කි.

             (iii)      සේවක හිඟයක් තිබේ.

             (iv)       වියදම - රුපියල් 166,722.00 (මාසික සාමාන්‍ය)  ලාභය - නැත

              (v)                                     ඇමෙරිකානු ඩොලර් මිලියන

                         කෙටි කාලීන ණය                     43.7

                         බැංකු අයිරා     49.5

මධ්‍ය කාලීන ණය 143.0

දිගු කාලීන ණය නැත

මුළු එකතුව 236.2

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks