පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3219/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහියංගනය, දඹාන ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසීන්, ඔවුන් පාරම්පරිකව වාසය කරනු ලබන ඉඩම්වල අයිතිය තමන් වෙත පැවරී තිබූ බවට ප්‍රකාශ කරන බවත්;
(ii) එම ඉඩම් 1983 දී රජයට පවරා ගත් බවට ඔවුන් චෝදනා කරන බවත්;
(iii) කැලෑ ආශ්‍රිතව ප්‍රධාන ජීවනෝපායන්වල යෙදීමේදී තම ස්ථිර වාසභුමි ආශ්‍රිත කැලෑවලට ඇතුල්වීමට පනවා ඇති සීමා හේතුවෙන් ගැටලු රැසකට මුහුණපාන බවට ඔවුන් චෝදනා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) දැනට පවත්නා නීති රීති ලිහිල් කර ආදිවාසීන්ට කැලෑවට ගොස් ආහාර සපයා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඉඩකඩ සලසා දීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී සම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i), (ii) සහ (iii)
1983 වර්ෂයේදී මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද මාදුරුඔය, උල්හිටිය, හේනානිගල, NDK ජලාශවල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමටත්, ව්‍යාපෘතිය නිසා එළිපෙහෙළි කළ වනාන්තරවල විසූ වන අලින් ඇතුළුව අනෙකුත් සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කර ගැනීමටත් පරමාර්ථ කර මාදුරුඔය ජාතික උද්‍යානය පිහිටුවා ඇත.
මෙම ප්‍රදේශ තුළ ජීවත් වූ ආදිවාසී ජනතාව හට මහවැලි අධිකාරිය විසින් විකල්ප ඉඩම් දී හේනානිගල ප්‍රදේශයේ පදිංචි කර ඇත.
(ආ) (i) සහ (ii)
මාදුරුඔය අවට ජීවත් වන පාරම්පරික ආදිවාසී ජනයාට තම පාරම්පරික අවශ්‍යතා සඳහා වනයට යාමට අවසර දී ඇති අතර, ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පත්ද ඔවුන් වෙත ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks