පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3213/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර මහ නගර සභාව මගින් එක්රැස් කරන කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ගොහාගොඩ නමැති ස්ථානයට බැහැර කරනු ලබන බවත්;
(ii) එම අපද්‍රව්‍ය මහවැලි ගඟට එකතුවීමෙන් ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍රවීම හා දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් විවිධ රෝගී තත්ත්වයන්ට පත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මහනුවර මහ නගර සභාව මගින් කැළිකසළ විධිමත් ලෙස කළමණාකරණය කොට එය සම්පතක් බවට පත්කර ගැනීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) එවැනි තත්ත්වයක් ඇතිවී නොමැත.
(ආ) (i) ඔව්.
(ii) හැකිතාක් කඩිනමින්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks