පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3134/’12
ගරු රවී කරුණානායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) දේශපාලනඥයින් සහ දේශපාලනයට සම්බන්ධ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමහර ඉඩම් 2010 ජනවාරි මස සිට බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2010 වර්ෂයේ සිට බලපත්‍ර හෝ ස්වර්ණභූමි ඔප්පු මත අයිතිය පවරනු ලැබූ, බදු දුන් හෝ අන්සතු කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල නම්, අක්කර ප්‍රමාණය සහ වටිනාකම කොපමණද;
(ii) ඉහත ඉඩම් පැවරීමට හෝ ලබාදීමට හේතු සහ එහිදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීමට හේතු කවරේද;
(iii) ඉහත (අ) හි සඳහන් ප්‍රදේශවල දශක ගණනාවක් තිස්සේ ජීවත් වන පුද්ගලයන්ට සහ අන් අයටත් ඉහත ආකාරයට ඉඩම් ලබා ගැනීමට අවස්ථාව සහ පහසුකම් ලබා දී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ත්‍රස්තවාදීන්ට අයත්ව තිබූ ප්‍රදේශ ශුද්ධකරණය කිරීමේ මුවාවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත ඉඩම් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන්ගෙන් බලහත්කාරයෙන් හෝ තර්ජනය කිරීමෙන් අත්පත් කර ගැනීම පිළිබඳ චෝදනාව කරුණු සහගතද;
(ii) නොඑසේ නම්, එවන් චෝදනා එල්ල වන්නේ කෙසේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-29
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) බලහත්කාරයෙන් අල්ලා ගෙන නොමැත.
(ආ) (i) මෙම කාල පරිච්ඡේදය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රජයේ ආයතන 04ක් සඳහා ඉඩම් අක්කර 1003.645ක ප්‍රමාණයක් සඳහා හිමිකම් පවරා දී ඇත. මෙයින් අක්කර 386.895ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දී ඇත. මෙම ඉඩම රුපියල් මිලියන 7,737.9ක වටිනාකමකට තක්සේරු කර ඇත. අනෙකුත් ඉඩම් තක්සේරු නොකරන බැවින් වටිනාකම ප්‍රකාශ කළ නොහැක.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා ඉඩම් අක්කර 818ක ප්‍රමාණයක් දීර්ඝ කාලීනව බදු දී ඇත. ඒ සඳහා ලැබී ඇති තක්සේරු වටිනාකම රුපියල් මිලියන 412.6කි.
2010 වසරේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බලපත්‍ර හෝ ස්වර්ණභූමි ඔප්පු මත අක්කර 1762.58ක ප්‍රමාණයක් කට්ටිකරුවන් 3,371ක් අතර බෙදා දී ඇත. බලපත්‍ර හෝ ස්වර්ණභූමි ඔප්පු මත ඉඩම් බැහැර කිරීමේදී ඒවා නොමිලේ ලබා දෙන බැවින් එම ඉඩම් තක්සේරු නොකෙරේ. එම නිසා වටිනාකම ප්‍රකාශ කළ නොහැක.
(ii) මෙම ඉඩම් පවරා දීම සිදු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනත/රජයේ ඉඩම් ආඥාපනත සහ ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත අනුව වේ.
(iii) ඔව්. ඉඩම් සංවර්ධන ආඥාපනත හා ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත අනුව සහ 2008/4 සහ 2013/1 චක්‍රලේඛවල විධිවිධාන ක්‍රියාක්මක කිරීමෙන්.
(ඇ) (i) බලහත්කාරයෙන් හෝ තර්ජනය කිරීමෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉඩම් අත් පත් කරගෙන නොමැත. නමුත් සංවර්ධන හා ආරක්ෂක හේතු මත අත්‍යවශ්‍ය අවස්ථාවලදී 1950 අංක 09 ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ අත් පත් කර ගැනීම් සිදු කෙරේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා, මුතූර්, ත්‍රිකුණාමලය නගර හා කඩවත්, ඊච්චලම්පත්තුව, ත්‍රිකුණාමලය, කුච්චවේලි, වේරුගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් අක්කර 111.61ක ප්‍රමාණයක් පවරා ගැනීමට කටයුතු කරමින් පවතී. මෙලෙස අත් කර ගන්නා ඉඩම් සඳහා අයිතිකරුවන් වෙත වන්දි ගෙවනු ලැබේ.
(ii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks