පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3130/’12
ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හබරන - ත්‍රිකුණාමලය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළව,
(i) මාර්ගයේ දිග කොපමණද;
(ii) ප්‍රතිසංස්කරණය සඳහා ගන්නා ලද කාලය කොපමණද;
(iii) ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;
(iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ නම කවරේද;
(v) මුදල් ලබාගන්නා ලද මූලාශ්‍ර කවරේද;
(vi) එක් කිලෝමීටරයක ඉදිකිරීම් පිරිවැය කොපමණද;
(vii) කිසිවෙකුට හෝ වන්දි ප්‍රදානය කරනු ලැබ තිබේද;
(viii) එසේ නම්, වන්දි ප්‍රදානය කරනු ලැබ ඇති පුද්ගලයින්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කි.මී. 89.6කි.
(හබරණ සිට කන්තලේ දක්වා මාර්ගයේ පළල මීටර් 9යි, කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගයේ පළල මීටර් 6.2යි (මාර්ග උරහිස සහිතව), මංතීරු සංඛ්‍යාව 2යි, පාලම් සංඛ්‍යාව 25යි, බෝක්කු සංඛ්‍යාව 310යි.)
(ii) * හබරණ සිට කන්තලේ දක්වා - මාස 25 (ආරම්භය 2008)
*කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා - මාස 18 (ආරම්භය 2011)
(iii) ඔව්.
(iv) *හබරණ සිට කන්තලේ දක්වා
අයිසීසී චයිනා හාබර් අනුබද්ධ ආයතනය - ICC-China Harbour Joint Venture,
*කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා
ඇක්සස් ඉංජිනියරින් සමාගම - Access Engineering, තුඩාව බ්‍රදර්ස් (පුද්ගලික) සමාගම -Tudawa Brothers (Pvt.) Limited, කන්සල්ටන් ඉංජිනියර්ස් සහ කොන්ත්‍රාත්කරුවන් - Consultant Engineering and Constructors, වී.වී. කරුණාරත්න සහ සමාගම -V.V. Karunaratna and Company (Pvt.) Limited.
(v) *හබරණ සිට කන්තලේ දක්වා
ආසියානු සංවර්ධන බැංකුව-සියයට 80
ශ්‍රී ලංකා රජයේ අරමුදල් -සියයට 20
*කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා
ලෝක බැංකු ආධාර
(vi) හබරණ සිට කන්තලේ දක්වා කොටස
රුපියල් මිලියන 55.4
*කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා කොටස
කන්තලේ සිට ගංතලාව දක්වා - රුපියල් මිලියන 65.1
ගංතලාව සිට තඹලගමුව දක්වා - රුපියල් මිලියන 77.8
තඹලගමුව සිට සර්ධාපුර දක්වා - රුපියල් මිලියන 59.9
සර්ධාපුර සිට ත්‍රිකුණාමලය දක්වා - රුපියල් මිලියන 94.8
(vii) හබරණ සිට කන්තලේ දක්වා වන මාර්ග කොටස සඳහා පමණක් වන්දි ප්‍රදානය කර ඇත.
(viii) ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks