පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3129/’12
ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හබරන - පොළොන්නරුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළව,
(i) මාර්ගයේ දිග කොපමණද;
(ii) ප්‍රතිසංස්කරණය සඳහා ගන්නා ලද කාලය කොපමණද;
(iii) ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;
(iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ නම කවරේද;
(v) මුදල් ලබාගන්නා ලද මූලාශ්‍ර කවරේද;
(vi) එක් කිලෝමීටරයක ඉදිකිරීම් පිරිවැය කොපමණද;
(vii) කිසිවෙකුට හෝ වන්දි ප්‍රදානය කරනු ලැබ තිබේද;
(viii) එසේ නම්, වන්දි ප්‍රදානය කරනු ලැබ ඇති පුද්ගලයින්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මරදන්කඩවල- ජයන්තිපුර - තිරික්කොන්ඩියාමඩු මාර්ගයේ කොටසකි.
මාර්ගයේ මුළු දුර කිලෝ මීටර් 128.76කි.
මාර්ගයේ පළල - මීටර් 6.2 (මාර්ග උරහිස රහිතව), මංතීරු සංඛ්‍යාව-2, පාලම් සංඛ්‍යාව-20, බෝක්කු සංඛ්‍යාව - 85.
(ii) මාස 22 (ආරම්භය 2007)
(iii) ඔව්.
(iv) මරදන්කඩවල-ජයන්තිපුර දක්වා කොටස
ඉන්ටනැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් සමාගම - International Construction Consortium Limited, තුඩාව බ්‍රදර්ස් (පුද්) සමාගම - Tudawe Brothers (Pvt.) Limited - සහ C.M.L. එඩ්වඩ්ස් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම - C.M.L. Edwards Construction (Pvt.) Limited.
ජයන්තිපුර-තිරික්කොන්ඩියාමඩු දක්වා කොටස
මාගා ඉංජිනියරින් (පුද්) සමාගම - MAGA Engineering (Pvt.) Limited - සහ කේ.ඩී.ඒ. වීරසිංහ (පුද්) සමාගම - K.D.A. Weerasinghe (Pvt.) Limited.
(v) ලෝක බැංකු ආධාර
(vi) මරදන්කඩවල - ජයන්තිපුර දක්වා කොටස සඳහා රුපියල් මිලියන 31.7
ජයන්තිපුර - තිරික්කොන්ඩියාමඩු දක්වා කොටස සඳහා රුපියල් මිලියන 33.17.
(vii) නැත.
(viii) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks