පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3128/’12
ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළව,
(i) මාර්ගයේ දිග කොපමණද;
(ii) ප්‍රතිසංස්කරණය සඳහා ගන්නා ලද කාලය කොපමණද;
(iii) ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;
(iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ නම කවරේද;
(v) මුදල් ලබාගන්නා ලද මූලාශ්‍ර කවරේද;
(vi) එක් කිලෝමීටරයකට ඉදිකිරීම් පිරිවැය කොපමණද;
(vii) කිසිවෙකුට හෝ වන්දි ප්‍රදානය කරනු ලැබ තිබේද;
(viii) එසේ නම්, වන්දි ප්‍රදානය කරනු ලැබ ඇති පුද්ගලයින්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ තිරික්කොන්ඩියාමඩු සිට ත්‍රිකුණාමලය දක්වා සංවර්ධනය කර ඇත.
එම කොටසෙහි දිග කි.මී. 98.8කි.
(මාර්ගයේ පළල- මීටර් 8.2, මංතීරු සංඛ්‍යාව-2යි;
පාලම් සංඛ්‍යාව -5යි; බෝක්කු සංඛ්‍යාව -82යි.)
(ii) අවුරුදු 04යි.
(iii) ඔව්.
(iv) චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන්.
China Harbour Engineering Corporation
(v) ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනයේ ණය සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්.
(vi) රුපියල් මිලියන 56.25යි.
(vii) නැත.
(viii) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks