පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2953/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘මැනින් ටවුම’ නිවාස යෝජනා ක්‍රමයේ ඇතැම් නිවැසියන් විසින් ලියාපදිංචි සහාධිපත්‍ය පිඹුරට පටහැනිව අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත්;
(ii) එම නිවාස යෝජනා ක්‍රමයේ කළමනාකරණ සංස්ථාව විසින් එකී අනවසර ඉදිකිරීම් වාර්තා කිරීම හෝ ඉවත් කිරීම ඕනෑකමින්ම මග හැර ඇති බවත්;
(iii) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සිය බලතල අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පරීක්ෂා නොකරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ‘මැනින්ටවුම’ නිවාස යෝජනා ක්‍රමයේ මේ වන විට ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කරන ලෙස සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට උපදෙස් දීමටත්;
(ii) එම අධිකාරියේ නිරන්තර පරීක්ෂා කිරීම් තුළින් ඉහත නිවාස සංකීර්ණයේ සහාධිපත්‍ය දේපළ, පොදු අංගෝපාංග සහ පොදු දේපළවල පාලනය යථාපරිදි පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය නියෝග ලබා දීමටත්;
(iii) බද්ධ නිවාස අයිතිවාසිකම් පනතේ විධිවිධානවලට අනුකූලව හා යටත්ව කටයුතු කළයුතු බවට සියලු කළමනාකරණ සංස්ථාවලට පොදු උපදෙස් මාලාවක් නිකුත් කිරීමටත්;
කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)
(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ආ) (i) දැනටමත් උපදෙස් දී ඇත.
(ii) දැනටමත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
(iii) දැනටමත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks