පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2942/’12
ගරු රවී කරුණානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් අයවැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන් කවරේද;
(ii) සමෘද්ධිලාභී ගෘහස්ථයක් වෙත ගෙවනු ලැබූ මුදල කොපමණද;
(iii) සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට දැරූ තථ්‍ය වියදම කොපමණද;
(iv) ඉහත සඳහන් තථ්‍ය වියදම් සිදුකරන ලද්දේ කවර වැය ශීර්ෂයන් යටතේද;
(v) සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැය කරන ලද මුදල සහ එම මුදල පවරනු ලැබූ ශීර්ෂයන් මාසික පදනමින් කවරේද;
(vi) සමෘද්ධි දීමනාව වෙනුවෙන් වෙන් කරන ලද මුදල් පැවරූ අයවැය ශීර්ෂයන් කවරේද;
යන්න 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)
(The Hon. Susantha Punchinilame)
ගරු කථානායකතුමනි, ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා පිළිතුර ලබා දෙනවා.
ගරු කථානායකතුමනි, සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් අය වැය මඟින් වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන්, 2010 වර්ෂය සඳහා රුපියල් මිලියන 9,300යි; 2011 සඳහා රුපියල් මිලියන 9,300යි; 2012 සඳහා රුපියල් මිලියන 10,600යි. මේ ආකාරයට දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. පිළිතුර සභාගත කරන්නද?
ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
සභාගත කරන්න.
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)
(The Hon. Susantha Punchinilame)
එහෙම නම් සම්පූර්ණ පිළිතුරම මම සභාගත* කරනවා.
පිළිතුරු දුන් දිනය
2013-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks