පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2933/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වල්ලිවල බටහිර ග්‍රාම නිලධාරී වසම තුළ අභිමානගම නිවාස ක්‍රමය පිහිටා ඇති බවත්;
(ii) 1985 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නාගරික වනෝද්‍යානය ලෙස වැලිගම අභිමානගම නිවාස ව්‍යාපෘතියට ආසන්න භූමියක් ප්‍රකාශයට පත්කර ඇති බවත්;
(iii) වනෝද්‍යානය සහිත එම භූමිය 2012 මැයි 23 දින දිනමිණ පුවත්පතේ පළකරන ලද දැන්වීමක් මගින් විකිණීම සඳහා කටයුතුකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම නාගරික වනෝද්‍යානය විකිණීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.
(අ) (i) ඔව්. වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිගම නගර සභා සීමාව තුළ කප්පරතොට ගමේ අභිමානගම නිවාස ක්‍රමය පිහිටා ඇත.
(ii) ඔව්. අභිමානගම නිවාස ක්‍රමයට අත්පත් කර ගත් ඉඩමෙන් හෙක්ටයාර් 0.5659 (අක්.01 රූ.1 පර්.23)ක් වන වගාව සඳහා 1983 වර්ෂයේදී වෙන් කර ඇත.
(iii) නැත. වන වගාව සඳහා වෙන් කරන ලද ඉඩම විකිණීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර නොමැත.
(ආ) වනෝද්‍යානය සහිත ඉඩම විකිණීමට කටයුතු කර නොමැත. නාගරික වනෝද්‍යානය සඳහා වෙන් කර ඇති ඉඩම පිඹුර මු.පි.මාර.1813 කැබලි අංක 1,2 හා 3 වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks