01

E   |     |  

 දිනය: 2013-07-12   පිළිතුර ලබා දී ඇත 

2806/2013: Gem and Jewellery Exhibition 2010

2806/’12

ගරු දයාසිරි ජයසේකර මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2010 වර්ෂයේ දී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පවත්වන ලද දිනය කවරේද;

            (ii)   ඒ සඳහා වැය වූ මුදල කොපමණද;

           (iii)   එම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ කවරේද;

  (iv)  එය පවත්වනු ලැබූ ආයතනය හෝ පුද්ගලයින් කවරේද;

  (v)  ඒ සඳහා  මුදල් වියදම් කළ ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් ප්‍රදර්ශනය පැවැත්වීමෙන් ලැබූ ලාභය හෝ අලාභය කවරේද;

  (ii)  එම ප්‍රදර්ශනයේදී මූල්‍ය වංචාවක් සිදු වී තිබේද;

  (iii)  එසේ නම්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-12

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks