01

E   |     |  

 දිනය: 2013-06-21   පිළිතුර ලබා දී ඇත 

2802/2013: පඬුවස්නුවර කොහු බඳුන් නිෂ්පාදන ව්‍යාපෘතිය : ප්‍රගතිය

2802/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පඬුවස්නුවර, නැගෙනහිර සහ බටහිර ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් ඉලක්ක කර ගනිමින් කොහු බඳුන් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කළ දිනය කවරේද;

  (ii)  එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;

  (iii)  ඒ සඳහා වෙන්කළ මුදල කොපමණද;

  (iv)  ඒ යටතේ ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;

  (v)  ආරම්භකළ වර්ෂයේ සිට මේ දක්වා එම ව්‍යාපෘතිය යටතේ සිදුකළ වාර්ෂික නිෂ්පාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (vi)  එම නිෂ්පාදන මිලදී ගනු ලබන ආයතන කවරේද;

  (vii)  මේ වනවිට එම ව්‍යාපෘතිය ලබා  ඇති ප‍්‍රගතිය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2000 වර්ෂයේ ජනවාරි මස දෙවන සතියේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, 1999 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට ප්‍රතිලාභීන් පුහුණු කිරීම් කටයුතු සිදු කර ඇත.

              (ii)      මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වූයේ ප්‍රදේශයේ සුලබව ඇති කොහු කෙඳි ආශ්‍රිත මල් බඳුන් නිෂ්පාදනය කර අපනයනය කිරීමත්, එමඟින් හෙට්ටිපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 300කට පමණ රැකියා අවස්ථා ලබා දීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීමත්ය.

(iii) 1999 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 15.075කි.

(iv) සමෘද්ධි ප්‍රතිලාභීන් 260කට ආසන්න පිරිසක් මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලබා ඇත.

(v) මෙම නිෂ්පාදන කටයුතු පිළිබඳ වගකීම ඇග්‍රිකොයා සමාගම විසින් දරා ඇති අතර 2000.04.20 වන විට මෙම ව්‍යාපෘතිය මඟින් අර්ධ නිමි කොහු බඳුන් 450,000ක් හා කොහු ෂීට් 75,000ක් පමණද නිෂ්පාදනය කර තිබුණි.

(vi) නිෂ්පාදනය සහ අළෙවිය පිළිබඳ වගකීම ඇග්‍රිකොයා පුද්ගලික සමාගම විසින් සිදු කර ඇති අතර, විදේශීය ගැනුම්කරුවන් සමඟ සෘජුවම එම ආයතනය සම්බන්ධ වී තිබුණි.

එහෙත් සමෘද්ධි මහ සංගමය මේ සඳහා මැදිහත් වීමෙන් පසුව 2000 වර්ෂයේදී ජපාන ගැනුම්කරුවෙක් වන  ටුබැකෝ සොජී ("Tokyo Tobacco Shoji Company Limited 1-10, Chome Minami Aoyama Minato-ku Tokyo, Japan") සමාගමට මෙම නිෂ්පාදන අළෙවි කර ඇති බවට තොරතුරු අධිකාරිය සතුව ඇත.

(මෙම සමාගම විසින් මිලදී ගත් භාණ්ඩ සඳහා රුපියල්1,004,539.50ක මුදලක් සමෘද්ධි අධිකාරියේ බැංකු ගිණුම වෙත ඇමෙරිකානු ඩොලර්වලින් අවස්ථා කිහිපයකදී බැර කර ඇත.)

සමෘද්ධි මහ සංගමය විසින් පවත්වා ගෙන යනු ලබන තොරතුරුවලට අනුව මීට අමතරව මනීෂා නමැති දේශීය සමාගමකටද මෙම නිෂ්පාදන අළෙවි කර ඇත.

(vii) 2003 වර්ෂයට පෙර සමෘද්ධි අධිකාරිය‍ විසින් ප්‍රතිලාභීන් වෙනුවෙන් ආරම්භ කර තිබූ විවිධ ව්‍යාපෘති අතරින් සමහර ව්‍යාපෘතින් විවිධ හේතු මත අසාර්ථක වී ඇති බැවින්, එම ව්‍යාපෘති වෙනුවට සමෘද්ධි ලාභීන්ට ඍජුව සහන සැලසීම සඳහා වන වැඩසටහනක් පමණක් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks