01

E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

2762/2014: Sugathadasa Stadium - Modernization

2762/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2012 ජූනි මස පැවැත්වූ ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළ සඳහා සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගම ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේද;

(ii) එම සමාගම, ධාවන පථයේ නවීකරණය නිසි ප්‍රමිතියෙන් යුතුව සිදුකර තිබේද;

(iii) එම සමාගම විසින් මින් පෙර බෝගම්බර ක්‍රීඩාංගණයේ සිදුකළ ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවට එල්ලවූ  චෝදනාවල සත්‍යතාවයක් තිබේද;

(iv) සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නිසි අධීක්‍ෂණයට ලක් කළේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks