පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2651/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි මල්වතු ඔය සහ යාන් ඔය අතර උතුරු තැනිතලාවේ ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව දේශීය තාක්ෂණය සහ ශ්‍රමය භාවිතා කරමින් වාරිමාර්ග කටයුතු සඳහා නව ජලාශ 30ක් ඉදි කිරීම අරඹා තිබේද;
(ii) එසේ නම්, එම නව ජලාශ ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළ දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-04
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) (ii) මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහනේ සඳහන් මල්වතු ඔය හා යාන් ඔය අතර උතුරු තැනිතලාවේ වාරි සංවර්ධනය සඳහා පහත සඳහන් වැඩ කොටස් මේ වන විට ආරම්භ කර ඇත.
1. වියාදිකුලම වැව හා ඒ යටතේ ඇති පුලියන්කුලම වැව ඇතුළු කුඩා වැව්:
මන්නාරම දිස්ත්‍රික්කයේ යුද්ධය නිසා අත හැර දමා වල්බිහි වී තිබූ වියාදිකුලම වැව හා ඒ යටතේ ඇති පුලියන්කුලම වැව ඇතුළු කුඩා වැව් දේශීය අරමුදල් යොදා 2010 වසර මුලදීම ආරම්භ කර මේ වන විට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර යුදමය වාතාවරණය නිසා අවතැන් වූ ජනයා නැවත පදිංචි කර වගා කටයුතු කර ගැනීමට අවශ්‍ය පහසුකම්ද සලසා ඇත.
2. යාන් ඔය ජලාශය ඉදි කිරීම:
2011.11.03 දින චීනයේ සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගම සමඟ ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවක් සඳහා - EPC - ගිවිසුම් අත්සන් කර තිබුණි. නමුත් පාරිසරික අධ්‍යයන කටයුතු සිදු කරන අවස්ථාවේ වන සංරක්ෂණ ප්‍රදේශ හා වනජීවී රක්ෂිත ප්‍රදේශවලට සිදු වන බලපෑම අවම කිරීම සඳහා නැවත සැලසුම් සකස් කිරීමට සිදුවූ අතර, මේ වන විට පාරිසරික බලපෑම් අධ්‍යයන නිම කර අනුමැතියට ඉදිරිපත් කර ඇත. අදාළ කොන්ත්‍රාත්කරු මේ වන විට වැඩ බිමේ ස්ථානගත වෙමින් සිටී.
3. පහළ මල්වතු ඔය ජලාශය ඉදි කිරීම:
මේ සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතු නිම කර පාරිසරික අධ්‍යයන කටයුතු කෙරෙමින් පවතී. 2014 මුල් කාර්තුවේ දේශීය අරමුදල් යොදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීම මත ඉදි කිරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
4. කිවුල්ඔය ජලාශය ඉදි කිරීම:
මහවැලි "L" කලාපයේ පානීය හා වාරි ජල අවශ්‍යතා සපිරීම සඳහා යෝජිත කිවුල්ඔය ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතු නිම කර පාරිසරික අධ්‍යයන කටයුතු අවසන් කරමින් පවතී. 2014 මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් දේශීය අරමුදල් යොදා ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය.
5. කුරයි වැව:
මන්නාරම පරංගි ආරු ද්‍රෝණියේ පිහිටි කුරයි වැව සංවර්ධනය කිරීමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇත. මෙහි ඉදිකිරීම් 2014 අග භාගයේදී ආරම්භ කිරීමට අපේක්ෂිතය.
6. උතුරු මැද මහ ඇළ:
මීට අමතරව මහවැලි ව්‍යාපාරයේ අවසාන අදියර වන උතුරු මැද මහ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන අවසන් කරමින් පවතින අතර, එහි ඉදිකිරීම් 2015 වසරේ ආරම්භ කිරීමට යෝජිතය. එමඟින් උතුරු තැනිතලාවේ වාරි ව්‍යාපාර විශාල සංඛ්‍යාවක දැනට පවතින උග්‍ර ජල හිඟය මඟහරවා ගැනීමට හැකි වන අතර, තවද මහවැලි ජලය වයඹ, උතුරු මැද හා උතුරු පළාත්වල අනෙකුත් ජල අවශ්‍යතා සඳහා ද සැපයීමට හැකිවීම විශේෂත්වයකි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks