01

E   |     |  

 දිනය: 2013-08-07   පිළිතුර ලබා දී ඇත 

2595/2013: පළාත් පාලන මැතිවරණ : කාන්තා අපේක්ෂකත්ව ප්‍රතිශතය

2595/’12

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පළාත් පාලන මැතිවරණ නීතිවලට අනුකූලව එම මැතිවරණ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල කාන්තාවන් සඳහා අවම අපේක්ෂකත්ව ප්‍රතිශතයක් තිබේද;

  (ii)  නොඑසේ නම්, කාන්තා අපේක්ෂකයින් වෙනුවෙන් එම අපේක්ෂක ලැයිස්තුවල නිශ්චිත ප්‍රතිශතයක් වෙන් විය යුතු බව පිළිගන්නේද;

  (iii)  එසේ නම්, එම වෙන් විය යුතු ප්‍රතිශතය කොපමණද;

  (iv)  වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතයට සාපේක්ෂව කාන්තාවන් සඳහා වෙන් වන ඉහත සඳහන් අපේක්ෂකත්ව ප්‍රතිශතය  ප්‍රමාණවත්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-07

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)

(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)

ගරු කථානායකතුමනි,  පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

 

(අ)          (i)      නැත.

              (ii)      දැනටමත් සියයට 25ක් තරුණයන්ගෙන් සහ කාන්තා අපේක්ෂකයන්ගෙන් සමන්විත විය හැකිය.

(iii) අදාළ නොවේ.

(iv) ඔව්.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks