පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2565/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සංචාරක පුරවරයක් වන අලුත්ගම නගරයේ පුළුල් මාර්ග පද්ධතියට සරිලන පරිදි ක්‍රමවත්ව සකසා නොමැති කාණු පද්ධතියේ අපද්‍රව්‍ය රැඳී අවහිරවීම නගරය පුරා දුර්ගන්ධයක් පැතිරයාමට හේතුවී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගනු ලබන්නේ කවදාද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) අලුත්ගම නගරයේ ඉදිකළ නව බස් නැවතුම්පළෙහි කඩ සාප්පු මේ වනතෙක් වෙළෙඳුන්ට ලබා නොදීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) එවැනි තත්ත්වයක් නොමැත.
(ආ) පැන නොනඟී.
(ඇ) බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් වෙළෙඳුන්ට කඩ සාප්පු ලබා දීමට කටයුතු කරගෙන යනු ලැබේ.
(ඈ) ඉහත විස්තරයට අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks