01

E   |     |  

 දිනය: 2012-06-22   පිළිතුර ලබා දී ඇත 

2436/2012: Appointment of DIG - Procedure of Selection

2436/’12

ගරු ආර්. යෝගරාජන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       නියෝජ්‍ය පොලිස්පති තනතුරට මෑතකදී ලබාදුන් උසස්වීම්වලට අදාළව,

              (i)       අයැදුම්කරුවන්ගේ නම් කවරේද;

             (ii)       උසස් කරන ලද නිලධාරීන්ගේ නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  සෑම ‍අපේක්‍ෂකයෙකු සඳහාම ජ්‍යෙෂ්ඨත්වය හා පුද්ගලික වාර්තා මත ලකුණු 70ක් සහ සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු 30ක් ලබා දී ඇති බව එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  එම එක් එක් අපේක්‍ෂකයා ජ්‍යෙෂ්ඨත්වය හා පුද්ගලික වාර්තා පදනම්ව ලබා ගත් ලකුණු සහ ලබාගත් ස්ථාන කවරේද;

   (ii)  එම සෑම අපේක්‍ෂකයෙකුම සම්මුඛ පරීක්‍ෂණයේදී ලබා ගත් ලකුණුවල සහ ඉහත (ඈ) (i) හි ලැබූ ලකුණුවල එකතුව මත ලබාගත් ස්ථාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?   

(ඈ)  (i)  සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් කවරේද; සහ

  (ii)  සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය පත්කළ බලධාරියා කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඉ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-06-22

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks