පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3589/2023
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද සංවිධාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම සංවිධාන තහනම් කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;
(iv) එම සංවිධාන අතරින් මේ වනවිට තහනම ඉවත් කරන ලද සංවිධාන කවරේද;
(v) තහනම ඉවත් කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;
(vi) පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-27
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2019.04.21 දින ප්‍රහාරයේ චූදිතයින්ට/සැකකරුවන්ට එරෙහිව දිවයිනේ විවිධ මහාධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු ගණනාවක් විභාග වන අතර දිසා අධිකරණ කිහිපයක වන්දි ඉල්ලා වින්දිතයින් විසින් නඩු පවරා ඇත. විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව ප්‍රධාන අපරාධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. එසේම තවත් නඩුවක සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වූ අපරාධ නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කොට ඇත. පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තොරතුරු දනිමින් ආරක්ෂක අංශවලට තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් පවරා ඇති අතර පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ද්‍රව්‍ය රැස්කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ පවරා ඇත.
එසේම මිනීමැරීම හා සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සහිත පුද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත්ව ඇති බවටත් වාර්තා වී ඇත.
තවද පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන් 108දෙනෙකු කොළඹ දිසා අධිකරණයේ ද, තවත් පුද්ගලයන් 182ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ද වන්දි ඉල්ලා නඩු පවරා ඇති බව වාර්තා වී ඇත.
මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු විශාල සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බැවින් මෙම අවස්ථාවේ පිළිතුරු ලබා දීමට නොහැක.
(ii) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(iii) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(iv) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(v) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(vi) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks