01

E   |     |  

 දිනය: 2012-12-03   පිළිතුර ලබා දී ඇත 

2372/2012: 187 වත්තේ පැල්පත් : නව නිවාස

2372/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (​i)       කොළඹ 07, ටොරින්ටන්හි, 187 වත්තේ පැල්පත් නිවාස හිමි සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඔවුන්ගේ නිවාස සඳහා ස්ථිර අයිතිවාසිකම් ‍හෝ බලපත්‍ර ලබා දී තිබේද;

  (iii)  එසේ නම්, ඔවුන් එම හිමිකම් භුක්ති විඳිමින් සිටින කාල  සීමාව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත නිවාස කඩා ඉවත්කිරීමට රජය විසින් යම් තීන්දුවක් ගෙන තිබේද;

  (ii)  එසේ නම්, ඔවුන්ට එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක නව නිවාස ලබා දෙන්නේද;

  (iii)  වෙනත් ස්ථානයක  නව නිවාස ලබාදෙන්නේ නම්, එම ස්ථානය කුමක්ද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  නව නිවාස සංකීර්ණයක් ඉදිකර එම නිවාස මුදල් අය නොකර 187 වත්තේ පදිංචිකරුවන්ට  ලබා දීමට යෝජනාවක් ඉදිරිපත්වී තිබුනේද;

  (ii)  එසේ  නම්, එම යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)    ‍නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-03

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)

(மாண்புமிகு விமல் வீரவங்ச -  நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)

(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      පැල්පත් නිවාස හිමි සංඛ්‍යාව 46කි. 

(ii) ඔව්. නිවාසලාභින් 13 දෙනෙකුට ඔප්පු ලබා දී ඇත.

              (iii)      1973 වර්ෂයේ සිට

(ආ)           (i)      සියලු පදිංචිකරුවන් ස්ව කැමැත්තෙන් නිවාසවලින් ඉවත් වී ඇත.

               (ii)      ඔව්.

              (iii)      ඔව්. බොරැල්ල බේස්ලයින් මාවත සිංහපුර දෙවන අදියර මහල් නිවාස යෝජනා ක්‍රමයෙනි.

(ඇ)           (i)      ඔව්. අංක 11/0674/517/016 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට ලත් අනුමැතිය ප්‍රකාරව සිංහපුර 11 අදියර නිවාස යෝජනා ක්‍රමයෙන් 187 වත්තේ පදිංචිකරුවන්ට නොමිලේ නිවාස ලබා දී ඇත.

(ii) යෝජනාව මේ වන විටද ක්‍රියාත්මක වී ඇත.

(ඈ) යෝජනාව ක්‍රියාත්මක වී ඇත.

 

 

පිළිතුරු දුන් දිනය

2012-12-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks