01

E   |     |  

 දිනය: 2023-12-08   පිළිතුර ලබා දී ඇත 

3411/2023: Dearth of University lecturers in State Universities

3411/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ ඇති පීඨයන්හි නම්, එම එක් එක් පීඨය පිහිටුවා ඇති ප්‍රදේශය, පවත්වනු ලබන උපාධි පාඨමාලා, එම උපාධි පාඨමාලා පවත්වනු ලබන භාෂා මාධ්‍යය, බඳවාගනු ලබන සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඉහත සඳහන් උපාධි පාඨමාලා අදාළ භාෂා මාධ්‍යයෙන් පැවැත්වීම සඳහා  අවශ්‍ය ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් ප්‍රමාණවත් පරිදි සිටින්නේද;

(iii) නොඑසේ නම්, ආචාර්ය සහ මහාචාර්ය තනතුරුවල පවතින  පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා  ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-08

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks