01

E   |     |  

 දිනය: 2023-12-05   පිළිතුර ලබා දී ඇත 

3238/2023: Function of carpentry schools in Uva Province under Ministry of Industries

3238/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)      ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන වඩු පුහුණු පාසල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පාසල් අතරින් මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින වඩු පුහුණු පාසල් කවරේද;

(iii) එම පුහුණු පාසල්වල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2018 සිට 2022 දක්වා ඉහත (අ)(i)හි සඳහන් වඩු පුහුණු පාසල්වලින් පුහුණුව ලබා ඇති පුහුණුලාභීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම පුහුණුලාභීන් අතරින් මේ වනවිට රැකියාගත කර ඇති පුහුණුලාභීන් සංඛ්‍යාව කොපමණද;

(iii) රැකියාගත කිරීමට අමතරව එම පුහුණුලාභීන් සඳහා ලබා දෙන වෙනත් පහසුකම් කවරේද;

යන්නත් එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-05

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks