01

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3236/2024: බදුල්ල, ධර්මදූත විද්‍යාලයේ පැවති වාහන පෙළපාළියකදී සිදු වූ අනතුර: විමර්ශනය

3236/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බදුල්ල, ධර්මදූත විද්‍යාලයේ පැවති රථ පෙළපාළියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් මෑතකදී සිදු වූ අනතුර හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත අනතුර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විමර්ශනයක් සිදු කර තිබේද;

(iii) එසේ නම්, එම විමර්ශනයේ නිගමන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

 

(ආ) (i) පාසල් මඟින් රථ පෙළපාළි පැවැත්වීමේදී, පිළිපැදිය යුතු නිර්ණායක ලබා දී තිබේද;

(ii) එසේ නම්, එම නිර්ණායක කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බදුල්ල, ධර්මදූත විද්‍යාලයේ පැවැති රථ පෙළපාළියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් මෑතකදී සිදු වුණු අනතුර හේතුවෙන්,

                        මියගිය සිසුන් සංඛ්‍යාව        -  02

                        තුවාල ලැබූ සිසුන් සංඛ්‍යාව        -  11

              (ii)      අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/05/72/08/02/066 හා 2023.05.16 දිනැති ලිපිය මඟින් ලබා දී ඇති ආවරණ අනුමැතිය ප්‍රකාරව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් මූලික විමර්ශනයක් සිදු කර ඇත.

(iii) එම විමර්ශනයේ නිගමන

බ/ධර්මදූත විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. සෙනරත් බණ්ඩාර මහතාට විරුද්ධව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බව.

විනය පරීක්ෂණය අවසාන වනතෙක් විදුහල්පති වෙනත් පාසලකට හෝ ආයතනයකට ස්ථාන මාරු කිරීම හෝ අනුයුක්ත කිරීම සුදුසු බව.

ඒ අනුව විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කිරීමට අමාත්‍යාංශය මඟින් කටයුතු කර තිබෙනවා. එම විනය පරීක්ෂණයෙන් පසුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා.

(ආ) (i) රථ පෙළපාළි පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අනුමැතිය ලබා දී නොමැත. එනමුත්, පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා පමණක් කොන්දේසිවලට යටත්ව  අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි. එම අදාළ කොන්දේසි පහත (ii) කොටසෙහි දක්වා ඇත.

(ii) 1. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට විශේෂ අවධානය යොමු කරමින් තරගය පැවැත්වෙන ස්ථානය අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණය යටතේ තරග පැවැත්විය යුතුය. [බාධා කිරීම්]

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks