පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3111/2023
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති වේලනයිතුරෙයි සිට පුංගුඩුතිව්, මඩත්තුවෙළි දක්වා වන පාලම ශ්‍රී ලංකාවේ දිගම පාලම්වලින් එකක් බවත්;
(ii) එම පාලම මතින් ගමන් කිරීම මේ වනවිට දැඩි අවදානම් සහගත බවත්;
(iii) පාලම මතදී බොහෝ අනතුරු සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පාලමේ දිග කොපමණද;
(ii) පාලම මත අනතුරු සිදු වීම සඳහා බලපාන හේතු කවරේද;
(iii) එම පාලම අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන ලද වර්ෂය කවරේද;
(iv) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(v) ඒ සඳහා අරමුදල් සපයා ගන්නා ලද ප්‍රභවය කවරේද;
(vi) එම පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-11
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) මෙය පහත් බිම් හරහා යන උස් මාර්ගයක් (Causeway) වන අතර මෙහි දිග කිලෝමීටර 4ක් වේ.
(ii) මෙය උස් මාර්ගයක් (Causeway) වන බැවින් මුහුදු රළ හේතුවෙන් මෙම මාර්ගයට යොදා ඇති පැති බැමි ඛාදනයට ලක්වීම නිසාද, රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය මෙන්ම පටු මාර්ගයක් වීම, ආරක්ෂිත මාර්ග බාධක නොමැතිවීමද අනතුරුවලට හේතු වේ.
(iii) මීට අවුරුදු 35කට පමණ පෙර ප්‍රතිසංස්කරණය කර ඇත.
(iv) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වන මුදල පිළිබඳව ගරු ජනාධිපතිතුමාත්, ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාත්, මමත් පසුගිය සතියේ සංවර්ධන කමිටුවේදී සාකච්ඡා කළා. ගරු කථානායකතුමනි, ලංකාවේ සියලු මහා මාර්ග, පාලම්, බෝක්කු ඉදි වෙලා තිබෙන්නේ විදේශ ණය හා ආධාර මතයි.
විදේශ ණය ආධාර සියල්ල නතර වෙලා තිබෙනවා, ණය ප්‍රතිව්‍යුහගත කරනතෙක්. ඒ නිසා මීට අවුරුදු 35කට පෙර ප්‍රතිසංස්කරණය කළ මේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය අවසන් වූ වහාම ආරම්භ කරන බවට අපි එදා දැනුම් දුන්නා.
(v) මේ සම්බන්ධ වාර්තා සොයා ගැනීමට නොහැකිය.
(vi) මෙම මාර්ගයන්හි නඩත්තු කටයුතු පමණක් දැනට සිදු කරමින් පවතින අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යොදා ගනිමින් එය සිදු කරයි.
2024 වැඩසටහනට ඇතුළත් කර අත්‍යවශ්‍ය සුළු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සම්පූර්ණ කිරීමට කඩිනමින් කටයුතු කරමින් පවතී. ඒ අනුව මාර්ගයේ අබලන් කොටස් ප්‍රතිසංස්කරණය කර එම කොටස්වල කාපට් අතුරා මාර්ගයේ සුළු ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කරන බව දන්වමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks