පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2976/2023
ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමහර රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ වර්ග නොමැති අවස්ථා සහ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති අවස්ථා වාර්තා වී ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) රජයේ රෝහල්වලට ඖෂධ මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) විවිධ අවස්ථාවලදී, රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ වර්ග හිඟවීම සඳහා බලපා ඇති හේතු කවරේද;
(iii) එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-11
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) සැපයීම් ක්‍රියාවලියේ කඩින් කඩ මතුවන තාවකාලික ගැටලු හේතුවෙන් ඇතැම් ඖෂධ වර්ග රජයේ රෝහල්වල කලින් කලට කෙටි කාලීනව නොමැති අවස්ථා පවතී.
(ii) වෛද්‍ය සැපයීම් අංශය හරහා සිදුවන ඖෂධ සැපයීම් ක්‍රියාවලියේ කලින් කලට මතුවන තාවකාලික ගැටලු අවස්ථාවලදී හිඟ ඖෂධ එම හිඟවන කෙටි කාලය තුළ පමණක් අදාළ රෝහල් මඟින් ප්‍රාදේශීය වශයෙන් මිලදී ගෙන රෝගීන්ට ලබා දීමේ ක්‍රියාවලියක් පවතින බැවින් රෝගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීමට හෝ අවම කිරීමට කටයුතු කර ඇත.
(ආ) (i) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
- ආනයනික ඖෂධ මිලදී ගැනීම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය - දේශීය නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනීම සහ සියලුම ඖෂධ ආයතනවලට බෙදා හැරීම
(ii)
(iii)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-01-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks