01

E   |     |  

 දිනය: 2023-12-13   පිළිතුර ලබා දී ඇත 

2886/2023: Lands leased out in Ahatuwewa Divisional Secretariat division in Kurunegala

2886/2023

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       කුරුණෑගල දිස‍්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නකොළගනේ ග්‍රාම නිලධාරි වසම ඇතුළු ග්‍රාම නිලධාරි වසම්වල පිහිටා ඇති ඉඩම් ප්‍රමාණයක්, නකොළගනේ රජමහා විහාරස්ථානයට අයත් නින්දගම් ලෙස සඳහන් කරමින්, ව්‍යාපාරිකයන්ට බදු දීමේ සැලස්මක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් පෙන්වා දී තිබෙන බවත්;

(ii) ශ්‍රී ලංකාවේ වනඅලි ගහනයෙන් 20%ක් පමණ ඉහත සඳහන් ප්‍රදේශයේ ජීවත් වන බවත්;

(iii) එම ඉඩම් බදු දීම හේතුවෙන් ඉහත ප්‍රදේශයේ පවතින අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර විය හැකි බවත්;

එතුමිය පිළිගන්නෙහිද?

(ආ) ඉහත බදු දීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-13

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks