පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2885/2023
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළඳ ශේෂයේ වෙනස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන වාසි සහ අවාසි වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-02
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2015 සිට 2022 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර වෙළඳ ශේෂය
|
වර්ෂය |
අපනයන වටිනාකම (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
ආනයන වටිනාකම (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
ද්වීපාර්ශ්වික වෙළඳ ශේෂය (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
|
2015 |
53 |
497 |
-444 |
|
2016 |
48 |
515 |
-467 |
|
2017 |
56 |
518 |
-462 |
|
2018 |
58 |
497 |
-439 |
|
2019 |
101 |
437 |
-336 |
|
2020 |
39 |
363 |
-324 |
|
2021 |
62 |
398 |
-336 |
|
2022 |
62 |
293 |
-231 |
(ii) 1. තායිලන්තයේ ආනයන වෙළඳ පොළ, ශ්‍රී ලංකාවේ අපනයනවල එකතුව මෙන් විසි ගුණයකට වඩා වැඩි බව ලෝක බැංකුව විසින් අනාවරණය කර තිබේ. එබැවින්, තායිලන්ත වෙළඳ පොළ සඳහා සහනදායී වෙළඳ පොළ ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා වාසි සැලසෙනු ඇත.
2. ශ්‍රී ලංකාවේ ආනයන අපනයනවලට අදාළ තීරුබදු ව්‍යුහය "අපනයනවලට එරෙහි නැඹුරුතාවක්" සහිත බැවින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක අපනයන විභවය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි බවද ලෝක බැංකුව විසින් අධ්‍යයනය කර තිබේ. ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීමට හා ණය රහිත විදේශ විනිමය ප්‍රවාහයක් රට තුළට ගලා ඒම සඳහා පූර්ව අවශ්‍යතාවක් වනුයේ ආනයන තීරුබදු ව්‍යහුය තාර්කිකරණය හා බදු අඩු කිරීමයි.
3. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමකින් ඇති වන වෙළඳ විභවය අවබෝධ කර ගැනීම ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය විසින් මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පූර්වයෙන් පැවති දත්ත ඇසුරින් අධ්‍යයනයක් (ex-ante study) සිදු කරන ලදී. ඒ අනුව,
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks