01

E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

2882/2023: Details of the Cricket Board members who went to Cricket World Cup 2022

2882/2023

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2022  වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදි සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයන්ගේ නම් කවරේද;

(ii) එම තරඟාවලිය නැරඹීම සඳහා සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක් එක් නිලධාරියාගේ නම හා තනතුර කවරේද;

(iii) එම නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැයකර ඇති මුදල කොපමණද;

(iv) ඉහත කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ කවරේද;

(v) එම නිර්දේශ සම්බන්ධව ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks