පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2851/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න බහුල කාලවලදී එම අස්වැන්න මිලදී ගෙන ගබඩා කර තැබීම සඳහා ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, එම මිලදී ගනු ලබන මත්ස්‍ය අස්වැන්න ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් තිබේද;
(iii) මත්ස්‍ය අස්වැන්න අඩු වාරකන් කාලවලදී, පාරිභෝගිකයන්ට සහන මිලට මාළු ලබා දීමට ක්‍රමවේදයක් තිබේද;
(iv) ධීවරයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-11
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) දැනට මත්ස්‍ය විශේෂ ගබඩා කිරීම සඳහා, ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ කොළඹ මෝදර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ටොන් 15 ක ධාරිතාවකින් යුත් ශීතාගාර ඒකක 04 ක්, මීගමුව විධායකයේ ටොන් 08 ක ධාරිතාවකින් යුත් එක් ශීතාගාරයක්, බදුල්ල විධායකයේ ටොන් 05ක ධාරිතාවකින් යුත් එක් ශීතාගාරයක්, අනුරාධපුර විධායකයේ ටොන් 05ක ධාරිතාවකින් යුත් එක් ශීතාගාරයක්. මින්නේරිය විධායකයේ ටොන් 05 ක ධාරිතාවකින් යුත් එක් ශීතාගාරයක් ලෙස ශීතාගාර ඒකක 08ක් ක්‍රියාත්මකව පවතී.
තවද, ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ කොළඹ මෝදර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක වූ ටොන් 1,000ක ධාරිතාවකින් යුත් ශීතාගාරය මේ වන විට අක්‍රිය වී ඇති බැවින් එය අලුත්වැඩියා කිරීමට පියවර ගනිමින් සිටී.
එමෙන්ම, උතුරු සහ නැඟෙනහිර පළාත් සඳහා ජපානයේ (JICA) ආධාර යටතේ සපයනු ලබන ටොන් 03ක ධාරිතාවකින් යුත් ශීතාගාර ඒකක 05ක් ළඟදීම ලැබීමට නියමිතය.
(iii) සහන මිලට නොවෙයි. ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ දිවයින පුරා පිහිටි අළෙවිසැල් 96ක් හරහා සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මක මත්ස්‍ය විශේෂ පාරිභෝගිකයන් වෙත අළෙවි කෙරේ.
(iv) ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා මත්ස්‍ය විශේෂ මිලදී ගැනීමේදී, අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව ඍජුවම සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගන්නෙමු. මේ නිසා ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්ෂා වන්නේය. ඒ අතරම, මිලදී ගනු ලබන මත්ස්‍ය විශේෂ සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට අළෙවි කිරීමේ අවස්ථා උදාවේ. මේ නිසා පාරිභෝගිකයාත් ආරක්ෂා වන්නේය.
තවද දීප ව්‍යාප්තව පිහිටුවා ඇති ධීවර සංස්ථා මත්ස්‍ය වෙළඳසැල් හා ජංගම රිය අළෙවි කටයුතු මඟින් සාධාරණ මිලට හා පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අළෙවි කටයුතු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-01-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks