01

E   |     |  

 දිනය: 2023-12-06   පිළිතුර ලබා දී ඇත 

2581/2023: මහපොළ භාරකාර අරමුදල මඟින් ලබා දෙන ශිෂ්‍යත්ව: විස්තර

2581/2023

 ගරු ඩී. වීරසිංහ මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2019 සිට මේ දක්වා මහපොළ භාරකාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දී  ඇති මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සංඛ්‍යාව කොපමණද;

             (ii)      නියමිත කාලය තුළදී උපාධිය සම්පූර්ණ නොකරන විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ගෙවීමට අතිරේක මුදලක් වැය කිරීමට සිදු වන්නේද;

(iii) එසේ නම්, පසුගිය වර්ෂ 10ක කාල පරිච්ඡේදය තුළදී වැය කරන ලද අතිරේක මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට මහපොළ භාරකාර අරමුදලේ පවතින ශේෂය කොපමණද;

(ii) අදාළ ආයතන විසින් මහපොළ භාරකාර අරමුදල වෙත අඛණ්ඩව ප්‍රතිපාදන ලබා දෙන්නේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-06

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      වර්ෂ 2019 සිට මේ දක්වා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දී ඇති මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සංඛ්‍යාව පහත දැක්වේ.

වර්ෂය

අධ්‍යයන වර්ෂය

ලබාදුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව

 

 

කුසලතා

සාමාන්‍ය

එකතුව

2019

2018/2019

1,500

13,500

15,000

2020

2019/2020

1,600

14,400

16,000

2021

2020/2021

1,600

14,400

16,000

2022

2021/2022

1,600 යෝජිත

14,400 යෝජිත

16,000 යෝජිත

 

 

 

 

 

 

 

(ii) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් අතිරේක මුදලක් ගෙවනු නොලැබේ. පාඨමාලාවේ ආරම්භයේදී පාඨමාලා කාලය තීරණයකොට ඇති බැවින්, එනම් වර්ෂ 04 හෝ වර්ෂ 03 හා වෛද්‍ය පීඨයේ වර්ෂ 05 බැගින් වර්ෂයකට වාරික 10 බැගින් ශිෂ්‍යාධාර ගෙවනු ලැබේ. පාඨමාලා කාලය දීර්ඝ වුවද මහපොළ වාරික ගණන නිශ්චිත වේ. කෙසේ වුවද පාඨමාලා කාලය  කල් ගත වේ නම්, විශ්වවිද්‍යාලය විසින් වාරික ගෙවීම ප්‍රමාද කරනු ලැබේ.

(iii) ඉහත (අ)(ii) අනුව පැන නොනඟී.

(ආ) (i) මහපොළ භාරකාර අරමුදලේ 2023 ඔක්තෝබර් 31 දින වනවිට ශේෂය රුපියල් බිලියන 15,067 වේ.

(ii) ඔව්.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks