01

E   |     |  

 දිනය: 2023-11-09   පිළිතුර ලබා දී ඇත 

2397/2023: රජයේ පේෂකර්ම මධ්‍යස්ථාන: අනුරාධපුර දිස්ත්‍රික්කය

2397/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති රජයේ පේෂකර්ම මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම මධ්‍යස්ථානවල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

            (iii)       පේෂකර්මාන්ත නිෂ්පාදන පසුබෑමකට ලක් වී ඇති බව පිළිගන්නේද; 

(iv) පේෂකර්මාන්ත නිෂ්පාදන නගාසිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(v) ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-09

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      27කි.

              (ii)      187කි.

             (iii)      නැත. (පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවී ඇත.)

              (iv)      අමුද්‍රව්‍ය මිල ගණන් අවම කර ගැනීම සඳහා නූල් වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇත. (මේ වන විට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.)

                        නිෂ්පාදන කාර්යය සඳහා සහභාගී වන කාර්මික ශිල්පීන්ගේ පැමිණිමේ දීමනාව 2023 ඔක්තෝබර් මාසයේ සිට රුපියල් 2,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත.

පේෂකර්ම නිෂ්පාදන අයිතමයන් සඳහා සකස් කර ඇති ඇස්තමේන්තුවට අනුව දෙපාර්තමේන්තු ලාභයෙන් සියයට 7ක් කාර්මික ශිල්පීන් සඳහා ගෙවීමට කටයුතු සලසා ඇත.

නුපුහුණු කාර්මික ශිල්පීන් සඳහා රුපියල් 6,000ක මාසික දීමනාවක් මාස 06ක් සඳහා ලබා දෙන අතර, මාස 06ක් ඉක්ම වූ පසු අවුරුදු 02ක කාලයක් නිෂ්පාදන කාර්යය සඳහා දායකත්වය ලබා ගැනීමට කටයුතු කිරීම.

(v) ඔව්.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks