01

E   |     |  

 දිනය: 2023-12-06   පිළිතුර ලබා දී ඇත 

1819/2023: 2015 සිට ආනයනය කරන ලද දුම්රිය මැදිරි: විස්තර

1819/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

           (iii)      එම දුම්රිය මැදිරි ගෙන්වනු ලැබූ රටවල් කවරේද;

(iv) එම දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සමාගම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත මැදිරි අතරින් මේ වනවිට ධාවනයට යොදවා ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;

(ii) ධාවනයට යොදා නොගෙන මේ වනවිට ගාල් කර ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවා ධාවනයට යොදා නොගැනීමට හේතු  කවරේද;

(iv) එම දුම්රිය මැදිරි කඩිනමින් ධාවනයට යොදා ගැනීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-06

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දුම්රිය මැදිරි 160කි.

              (ii)      ඇමෙරිකානු ඩොලර් මිලියන 82.635කි.

              (iii)      ඉන්දියාව

              (iv)      ඔව්. ඉන්දියාවේ M/s Rites Limited ආයතනය

(ආ)          (i)      දුම්රිය මැදිරි 160ම ධාවනයට යොදවා ඇත.

              (ii)      මේ වනවිට දුම්රිය මැදිරි 30ක් නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා යොදවා ඇත.

              (iii)      මෙම මැදිරි ධාවනයෙන් ඉවත් කර නවතා නොමැති අතර ධාවනය අතරතුර සිදු කළ යුතුව ඇති නඩත්තු සහ අලුත්වැඩියා සඳහා යොදවා ඇත.

(iv) අදාළ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම ධාවනයට එක් කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks