01

E   |     |  

 දිනය: 2023-12-05   පිළිතුර ලබා දී ඇත 

1765/2023: Fish hatcheries under National Aquaculture Development Authority

1765/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)      ජාතික  ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පවතින අභිජනන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවා ස්ථාපිතකර ඇති ප්‍රදේශ කවරේද;

            (iii)      නව අභිජනන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ජලාශවලට මුදාහැර ඇති මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉදිරියේදී ජලාශවලට මුදාහැරීමට සැලසුම් කර ඇති මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-05

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks