01

E   |     |  

 දිනය: 2023-12-13   පිළිතුර ලබා දී ඇත 

1722/2023: Missed opportunity to host the Asian cricket tournament

1722/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 15 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනත් රටක පැවැත්වූ බවත්;

             (ii)       ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාල දායකත්වයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත තරඟාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා වෙනත් රටක පැවැත්වීමට බලපාන ලද හේතු කවරේද;

(ii) මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-13

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks