පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1682/2023
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පල්ලමඩු-සන්නාර් ප්‍රදේශයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින බවත්;
(ii) එම ඉඩම් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ලබා දෙන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කරනු ලබන බවත්,
(iii) එම ඉඩම් සඳහා විවිධ පුද්ගලයන් විසින් පිඹුරුපත්, ලේඛන හෝ සාක්ෂි කිසිවක් නොමැතිව ඔප්පු පමණක් ඉදිරිපත් කරමින් හිමිකම්පාන බවත්,
(iv) එම ඔප්පුවල නිරවද්‍යතාවය සනාථ කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒවා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්,
එතුමා දන්නෙහිද?
(ආ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින රජයේ ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) සන්නාර් සහ ඊච්චලවක්කෙයි ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයේ පවතින රජයේ ඉඩම් ලබා දෙන්නේද;
(iii) පිඹුරුපත්, ලේඛන හෝ සාක්ෂි කිසිවක් නොමැතිව ඉදිරිපත් කරනු ලබන ඔප්පු පමණක් එම ඉඩම් සඳහා වලංගු වන්නේද;
(iv) ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති උක්ත ඔප්පු සම්බන්ධයෙන් අදාළ තීරණ ලබා දෙනු ලබන දින වකවානු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-18
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ඔව්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඔප්පු හා පත්ඉරු ඉදිරිපත් කර ඇත.
(ආ) (i) කිව නොහැක. 1931 අංක 20 දරන නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු අවසන් කර නොමැති බැවින් කිව නොහැක.
(ii) ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2022/06 දරන ආහාර සුරක්ෂිතතාව ඇති කරනු සඳහා වගාවට සුදුසු රජයේ ඉඩම් සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය යටතේ වගාව සඳහා පමණක් එම ඉඩම් ලබා දීමට අවසර ලබා දී ඇත.
(iii) රජයේ ඉඩම් සඳහා එලෙස ඉදිරිපත් කරන ඔප්පු හා පත්ඉරු පිළිගත නොහැකිය. කෙසේ වෙතත්, නිරවුල් කිරීමේ කටයුතු අවසන් වන තෙක් රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් පැහැදිලිව හඳුනා ගත නොහැක.
(iv) නිශ්චිතව කිව නොහැක.
(ඇ) අදාළ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති බැවින් මැනුම් කටයුතු කළ නොහැකි වී ඇති බව ප්‍රාදේශීය ලේකම් විසින් දැනුම් දී ඇත.
පිළිතුරු දුන් දිනය
2023-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks