01

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1519/2024: Overseas trips of employees of Central Environment Authority from 2015 to date

1519/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා විදේශ ගත වී ඇති මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සේවකයන් අතරින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූ සේවකයන් සංඛ්‍යාව සහ සමුළු/පුහුණු වැඩමුළු සඳහා විදේශ ගත වූ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2015 සිට මේ දක්වා උසස් අධ්‍යාපන කටයුතු/සමුළු/පුහුණු වැඩමුළු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත කාලය තුළදී උසස් අධ්‍යාපන කටයුතු/සමුළු/පුහුණු වැඩමුළු සඳහා අධිකාරියට ලැබුණු විදේශීය අරමුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks