පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1514/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පළිගැනීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර තිබේද;
(iii) පළිගැනීම්වලට ලක් වූ සේවකයන් අතරින් මේ වනවිට සහන ලබා දී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) සහන ලබා දීමට ඉතිරිව ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-04
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) 2018.03.04 දින දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හඳුනාගත් දේශපාලන පළිගැනීමට ලක් වූ සේවකයන් - 60
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ සේවකයින්ට සහන සලකා බැලීමේ අභියාචනා කමිටු සභාපතිගේ නිර්දේශිත සේවකයන් - 4
මුළු ගණන - 64
(ii) දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සේවකයන් හඳුනා ගැනීම සඳහා පත් කළ කමිටු මඟින් පරීක්ෂා කර පළිගැනීමට ලක්වූවන් 60දෙනෙකු හඳුනාගෙන ඇත.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවය පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටු නිර්දේශය අනුව සේවකයන් 4ක් හඳුනාගෙන ඇත.
(iii) හඳුනාගත් 64දෙනා සඳහාම සහන ලබා දී ඇත.
(iv) ඉහත සඳහන් සේවකයන් 64දෙනාට අමතරව හඳුනාගත් දේශපාලන පළිගැනීමට ක් වූ සේවකයන් නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks