01

E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1510/2023: ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය: විස්තර

1510/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

               (ii)       එම එක් එක් සාමාජිකයාගේ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;‍

               (iii)    වර්ෂ 2019 සිට මේ දක්වා එම මණ්ඩලය විසින් අනුමතිය ලබා දී ඇති චිත්‍රපට සංඛ්‍යාව කොපමණද;

(iv) මේ වනවිට අනුමතිය ලබා දීම සඳහා ඉතිරිව ඇති චිත්‍රපට සංඛ්‍යාව කොපමණද;

(v) එම චිත්‍රපට සඳහා අනුමතිය ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      15කි.

              (ii)      සභාපති සහ සෙසු පිරිස මණ්ඩලයේ සාමාජිකයන් වේ.

              (iii)       

වර්ෂය

සිංහල

දෙමළ

ඉංග්‍රීසි

හින්දි

එකතුව

2019

59

93

27

27

206

2020

12

28

20

11

71

2021

14

26

9

9

58

2022

25

76

29

29

159

2023

24

52

49

16

141

එකතුව

134

275

134

92

635

 

(iv) එකක් පමණි.

(v) 2016 වර්ෂයේදී පූර්ව දර්ශනය කිරීමෙන් පසු අවශ්‍යයෙන්ම ඉවත් කළ යුතු කොටස් සම්බන්ධයෙන් අදාළ අධ්‍යක්ෂවරියට දැනුම් දෙන ලදී. මෙතෙක් එම සංශෝධන සිදු කර අප වෙත ඉදිරිපත් කර නැත.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks