01

E   |     |  

 දිනය: 2012-05-22   පිළිතුර ලබා දී ඇත 

2156/2012: Tile Factory - Kirimatitenna, Balangoda

2156/’11

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ පිහිටි පිඟන් ගඩොල් කර්මාන්තශාලාව වර්ෂයක පමණ කාලයක සිට වසා දමා ඇති බවත්;

 (ii) එම කර්මාන්තශාලාවෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට රැකියා සපයා තිබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ආයතනය වසා දැමීමට හේතු කවරේද;

  (ii) එම ආයතනය වසා දැමීමේදී සේවය කළ නිලධාරීන්ට හා කම්කරුවන්ට වන්දි මුදල් ගෙවනු ලැබුවේද;

(iii) නොඑසේ  නම්, ඊට පදනම් වූ කරුණු කවරේද;

(iv) ප්‍රදේශයේ ජනතාවගේ හා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එම කර්මාන්තශාලාව  නැවත ආරම්භ කරන්නේද;

(v) එසේ නම්, ඒ සඳහා සැලසුමක් සකසා තිබේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-22

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks