01

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0474/2023: Details of Taxi services in Sri Lanka

474/2023

ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ‍්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කුලී රථ හා ඒ ආශ‍්‍රිත සේවා සපයනු ලබන විදේශීය සමාගම්වල නම් කවරේද;

            (ii)       2017.01.01 සිට 2021.12.31 දක්වා එම එක් එක් සමාගම විසින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

(iii) ඉහත සඳහන් කාලයේදී එම එක් එක් සමාගම විසින් ගෙවන ලද බදු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුලී රථ හා ඒ ආශ‍්‍රිත සේවා සැපයීම සඳහා විදේශීය සමාගම් සම්බන්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ එම සේවා සපයනු ලබන පුද්ගලයන් හා සමාගම් අසීරුතාවයට පත් වී ඇති බව පිළිගන්නේද;

(ii) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කුලී රථ සේවය නියාමනය කිරීමට හා සුරක්‍ෂිත කිරීමට ක‍්‍රියාමාර්ග ගෙන තිබේද;

  (iii) එසේ නම්, එම ක‍්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks