01

E   |     |  

 දිනය: 2012-01-17   පිළිතුර ලබා දී ඇත 

1921/2012: Sausages Factory - Makadura , Pannala

1921/’11

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල, මාකඳුර කර්මාන්තපුරයේ ආයෝජන මණ්ඩලයේ අනුමත සොසේජස් කර්මාන්තශාලාවක් තිබෙන බවත්;

(ii) එහි සොසේජස් නිෂ්පාදනය සඳහා  කල් ඉකුත්වූ මස් යොදා ගන්නා  බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)      (i)  සොසේජස් සෑදීම සඳහා එම කර්මාන්තශාලාවට කුකුළු මස් ආනයනය කරන රටවල් කවරේද;

(ii) එම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන සොසේජස් වර්ග අපනයනය කරන රටවල් කවරේද;

(iii) දේශීය වෙළඳපොලේ එම නිෂ්පාදනය බෙදා හරින හා අලෙවි කරන සමාගම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මාකඳුර කර්මාන්තශාලාවේ සොසේජස් නිෂ්පාදනයේදී කල් ඉකුත් වූ ටෙක්ස්ටර්ඩ් සෝයා ප්‍රෝටීන් නම් අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බව දන්නේද;

(ii) එම කර්මාන්තශාලාවේ තිබී හමුවූ කල් ඉකුත් වී තිබූ එම අමු ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද;

(iii) ලේබල් යොදා අසුරුම් කර එම කර්මාන්ත ශාලාවේ අධිශීතකරණවල ගබඩා කර  තිබියදී සොයාගත් කල් ඉකුත් වූ සොසෝජස් ප්‍රමාණයයේ බර කිලෝග්‍රෑම් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) සෞඛ්‍යයට අහිතකරවන පරිදි සෝසේජස් නිපදවන එම කර්මාන්තශාලාවට එරෙහිව ගත් පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-17

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks