01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1649/2021: 2019/2020 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය : කඩඉම් ලකුණු

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 සහ 2020 යන වර්ෂවල කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත තීරණය වූ කඩඉම් ලකුණු ඇමුණුම යටතේ වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. එය දීර්ඝ ලේඛනයක්, ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ පරිශීලනය සඳහා මා එම ලැයිස්තුව ලබා දෙන්නම්.

              (ii)      ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මත 6වන ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම  යටතේ දක්වා ඇත.

ඒ අනුව, 2019 වර්ෂයේ මුළු සංඛ්‍යාව 4,961යි. 2020 වර්ෂයේ මුළු සංඛ්‍යාව 5,475යි. 2020 වර්ෂයේ total එක තමයි මම කිව්වේ. Break-up එක දෙන්න පුළුවන්.

(iii) 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලද මුළු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සංඛ්‍යාවෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත තීරණය වූ කඩඉම් ලකුණු මත ඇතුළත් කර ගන්නා ලද ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම යටතේ දක්වා ඇත.

ඒ අනුව, 2019 වර්ෂයේ මුළු සංඛ්‍යාව 4,961යි. 2020 වර්ෂයේ මුළු සංඛ්‍යාව 5,475යි.

(iv) ඔව්.

5 සහ 6 ශ්‍රේණියේ පැවැති සමාන්තර පන්ති සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම යටතේ විස්තරාත්මකව දක්වා ඇත.

5 ශ්‍රේණියේ සමාන්තර පන්ති සංඛ්‍යාව 91යි. නමුත් ශිෂ්‍යත්ව පන්ති සමඟ ඒ සංඛ්‍යාව 193ක් වෙනවා.

ඇමුණුම සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මේ සම්පූර්ණ විස්තර ටික ලබා දෙන්න පුළුවන්.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks