පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත හා ඒ යටතේ සාදන ලද බලපත්‍ර නිකුත් කිරීමේ නියෝගවලට අනුව ඛනිජ ගවේෂණය, කැනීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, වෙළෙඳාම හා අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වේ. ඉහත කී පනත හා රෙගුලාසිවලට අනුකූලව කාර්යාංශය විසින් මේ වන විට මන්නාරම් දූපතේ ඛනිජ වැලි ගවේෂණය සඳහා බලපත්‍ර දෙකක් සනූර් ලංකා (පුද්) ලිමිටඩ් හා කිල්සිත් එක්ස්ප්ලොරේෂන් (පුද්) ලිමිටඩ් යන ආයතන දෙකට නිකුත් කර ඇති බවත්, ඊට අමතරව ඔරියන් මිනරල් (පුද්) ලිමිටඩ් යන ආයතනය විසින් වර්ග කිලෝමීටර් 13ක් තුළ ඛනිජ ගවේෂණය සඳහා නව ඇයදුම්පත් දෙකක් ඉදිරිපත් කොට ඇති බවත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
තවද, ඛනිජ ගවේෂණයට පමණක් ගවේෂණ බලපත්‍ර නිකුත් කර තිබුණද, එම ඛනිජ වැලි කැනීම් සඳහා මෙතෙක් කිසිදු කැනීම් බලපත්‍රයක් නිකුත් කොට නොමැති බවද, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
(ii) ටයිටැනික් සෑන්ඩ් ලිමිටඩ් නමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කිසිදු ගවේෂණ හෝ කැනීම් බලපත්‍රයක් නිකුත් කර නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
(iii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ලිපිලේඛනවලට අනුව මන්නාරම් දූපතේ ඛනිජ ගවේෂණය සඳහා බලපත්‍ර හිමි සමාගම් කිහිපයක් විසින් ගවේෂණයෙන් ලබා ගත් ඛනිජ නියැදි කිලෝග්‍රෑම් 3,775ක ප්‍රමාණයක් අවස්ථා 6ක් ඇතුළතදී දකුණු අප්‍රිකානු රසායනාගාරයක් වෙත පරීක්ෂණ කටයුතු සඳහා කාර්යාංශයේ අනුමැතිය සහිතව අපනයනය කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
ඒ අනුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙහි ලිපිලේඛනවලට අනුව ඉහත ප්‍රමාණය හැර පර්යේෂණ කටයුතු සඳහා මන්නාරම් දූපතේ පේසාලේ ගම්මානයේ වැලි කන්ටේනර් 20ක් දකුණු අප්‍රිකාවට යවා නොමැති බව අනාවරණය වේ.
(iv) ඛනිජ වැලි ගවේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කර ඇති වාර්තා මත, වාණිජමය වශයෙන් ඛනිජ කැනීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කාර්යාංශය වෙත ඉහත කී පනත් හා රෙගුලාසිවලට අනුව බලතල හිමි වේ.
එහෙත් කැනීම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉදිරිපත් කරන ලද වාර්තා පදනම් කරගෙන මූලික පාරිසරික අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව කණිනු ලබන වලවල් පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමට යටත්ව කැනීම් සඳහා අවසර ලබා දීම සිදු කරනු ලබන බැවින් හා පනත හා රෙගුලාසිවලට යටත්ව වාණිජමය ඛනිජ නිධි හඳුනා ගැනීමෙන් පසු පුනරුත්ථාපන කටයුතුවලට හා මූලික පාරිසරික අධ්‍යයනවල අනුමැතීන්ට යටත්ව බලපත්‍ර දීමක් සිදු වන බැවින් පවත්නා භූ විෂමතාවන්ට හානියක් නොවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇත.
(ආ) 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත හා පනතේ රෙගුලාසිවලට අනුව වාණිජමය වැදගත්කමින් යුතු ඛනිජ නිධි හඳුනා ගැනීම සිදු වන්නේ නම් රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා පවත්නා නීති-රීතිවලට අනුකූලව බලපත්‍ර නිකුත් කිරීම අවශ්‍ය වනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks