E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1291/2021: Details of SLTB depots in Polonnaruwa district

1291/2020

ගරු කිංස් නෙල්සන් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ නම් කවරේද;

            (iii)       ඉහත සඳහන් එක් එක් ඩිපෝවේ ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත සඳහන් එක් එක් ඩිපෝවේ පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව වෙන්  වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවලට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මඟින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-27

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks